නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාත් විගමණික ශිෂ්‍යත්ව ප‍්‍රදානය 20දා

    නොවැම්බර් 19, 2016
    නැගෙනහිර පළාතේ මඩකලපුව, ති‍්‍රකුණාමලය සහ අම්පාර යන දිස්ති‍්‍රක්කවල විගමණික පවුල්වල දූදරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය 20දා මඩකලපුව, කාත්තන්කුඩි, හිස්බුල්ලා ශ‍්‍රවණාගාරයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ.
     
    මෙහිදී විගමණික පවුල්වල දූදරුවන් 636ක් සඳහා රුපියල් ලක්ෂ 122ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. 
     
    ඒ අනුව 5 වසර ශිෂ්‍යත්ව සමත් දරුවන් 207 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 15,000 බැඟින් රුපියල් 3,105,000ක මුදලක් ද, අ.පො.ස සා/පෙළ සමතුන් 376 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 20,000 බැඟින් රුපියල් 7,520,000ක මුදලක් ද, අ.පො.ස උ/පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් ලැබූවන් 53 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 30,000 බැඟින් රුපියල් 1,590,000ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
     
    එසේම මඩකලපුව දිස්ති‍්‍රක්කයේ දරුවන් 278ද, අම්පාර දිස්ති‍්‍රක්කයේ 246ක් ද, ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 112 දෙනෙකු ද මෙසේ ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා තිබේ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya