නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල ගාස්තු සංශෝධනය ‍නොකොළොත් මණ්ඩලයට පාඩුයි

    නොවැම්බර් 16, 2016
    සෑම වසර 3කට වරක්ම ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන බවත් ඒ අනුව පසුගිය වසරේ ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවත් ඒ අනුව මෙවර කළ ජල ගාස්තු සංශෝධනය සිදු නොකළ හොත් ලබන වසරේ දී ජලසම්පාදන මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    "මේ වන විට ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නොවන අතර නමුත් ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකළහොත් ලබන වසරේ දී රුපියල් බිලියන 9ක පාඩු ලබන ආයතනයක් බවට ජලසම්පාදන මණ්ඩලය පත් වේ".
     
    මේ වන විට නල පහසුකම් ලබන්නේ සමස්ත ජනතාවගෙන් 45%ක් බවත් එක් නිවසක් සඳහා අලුතින් ජලය ලබාදීමට ජලසම්පාදන මණ්ඩලය විසින් රුපියල් ලක්ෂ 4 - 5ත් අතර මුදලක් වැය කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා එළැඹෙන 2017 වසරේ දී බිලියන 300කට වැඩි මුදලක් වැය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර එම ආයෝජනයන් හරහා ඉතිරි 55%ක ජනතාවට අලුතින් ජලය ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.
     
    ඝන මීටර් 15ක් එනම් ලීටර් 15000ක් ලබාදීම වෙනුවෙන් මේ වන විට රුපියල් 310ක මුදලක් වැය කරන අතරම සිදු කිරීමට යෝජනාවී ඇති ගාස්තු සංශෝධනය හරහා එය රුපියල් 540ක් බවට පත් වේ. මේ වැඩිවීම හරහා දිනකට රුපියල් 18ක් වැනි සුළු මුදල තමයි වැය වන්නේ. ඒ මුදල සිගරට්ටුවක් හා බනිස් ගෙඩියක් මිලදී ගැනීමට වැයකරන මිලටත් වඩා අඩු මුදලක්. ලීටර් 15000ක් වැනි අති විශාල ජල ප්‍රමාණයක් පිරිසිදු කොට නිවසට ම ගෙනත් දීම සඳහා ඉදිරියේ දී රුපියල් 540ක මුදලක් අයකිරීමට සාධාරණ යැයි සිතා මෙම ගාස්තු සංශෝධනය සිදු කළේ.
     
    මෙම නව සංශෝධනය පිළිබඳ ව ඊයේ (15) රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බදුන් වූ අතර ඒ සඳහා ත්‍රී පුද්ගල කමිටුවක් පත්කොට ඇති බවත් එම කමිටුවේ තීරණය ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ව යළි සලකා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya