නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර විශ්වවිද්‍යාලය සංවර්ධනට තුර්කි ආධාර

    නොවැම්බර් 16, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව දැනුමෙන් මෙන්ම හැකියාවෙන් පිරිපුන් තරුණ පරපුරක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට අවශ්‍ය ආකාරයෙන් සාගර විශ්වවිද්‍යාලය සංවර්ධනය සඳහා උපකාර කිරීමට තුර්කි රජය ඉදිරිපත් වී ඇත.
     
    ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හා නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමග තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම අතර පැවති සාකච්ජාවේදීය. නාරාහේන්පිට පිහිටි නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශයේ දී මෙම සාකච්ජාව පැවැත්විණි.
     
    එහිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වෘත්තීකයන් බිහිකරන සාගර විශ්වවිද්‍යාලය පිළිබඳ මෙම තුර්කි නියෝජිත කණ්ඩායමට පැහැදිලි කර දෙනු ලැබිය.  එහිදී NEZAKET EMINE ATASOY මහත්මිය කියා සිටියේ ධීවර කර්මාන්තයට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ කැපවීම තුර්කිය බෙහෙවින් අගය කරන බවය.
     
    මොරොක්කෝවලදී පසුගිය මාර්තු මාසයේදී පැවති ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේ දී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පළමු වරට හමු වූ බවත් එහිදී එතුමා කළ ආරාධනය අනුව පස්දින සංචාරයක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ දෙරට අතර සුහදතාව වර්ධනය කර ගනිමින් මෙරට සංවර්ධනයට සහය දීමට බව තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය පෙන්වා දුන්නාය.
     
    ඒ අනුව මෙරට ධීවර කර්මාන්තය වෘත්තීය මට්ටම දක්වා නගාසිටුවීම වෙනුවෙන් දැනුම තාක්‍ෂණයද සෙසු පහසුකම්ද සැලසීමට තමන් සුදානම් බව  NEZAKET EMINE ATASOY මහත්මිය සඳහන් කළාය.
     
    ඉදිරියේදී දෙරට අතර ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළ තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනිය ධීවර ක්ෂේත්‍රය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණයන්ට තුර්කියේ උසස්ම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවට සහතික විය.
     
    ශ්‍රී ලංකාවෙන් පිටත්ව තුර්කියට ගිය වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසන බවටද තුර්කි කර්මාන්ත හා ව්‍යාපාරික සංසදයේ සභාපතිනි NEZAKET EMINE ATASOY මහත්මිය අවධාරණය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya