මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හබරාදූව නිල සෙවණ නිවාස යෝජනා ක්‍රමය නවීකරණය කෙරේ

    නොවැම්බර් 15, 2016
    හබරාදූව නිව සෙවණ නිවාස යෝජනා ක්‍රමය නේවාසික හා සංචාරක කටයුතු සඳහා යොදාගත හැකි අයුරින් රුපියල් බිලියන 1.2ක වියදමින් නවීකරණය කිරීමට රජය තීරණය කොට ඇත.
     
    මහල් නිවාස 576කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නිවාස 128ක් රාජ්‍ය සේවකයින් වෙත රුපියල් මිලියන 3.8ක මිලකට අළෙවි කරනු ඇත. එමෙන් ම ඉතිරි නිවාස 448ක ප්‍රමාණය පවතින වෙළෙඳපොළ මිල අනූව ගැණුම්කරුවන් වෙත අළෙවි කිරීමට ද සැලසුම් කොට ඇත.
     
    හබරාදූව නිවාස යෝජනා ක්‍රමය රුපියල් මිලියන 900ක වියදමින් 2003 වසරේ දී රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල හා පෞද්ගලික සමාගමක් අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya