අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කෙරේ

    නොවැම්බර් 15, 2016
    ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සායනික අපද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි. 
     
    මෙම මධ්‍යස්ථානය පරිසර හිතකාමි ලෙස ඉදිකර ඇති අතර, දහනය කිරීමේ ක‍්‍රියාවලියේ  දී දුම් පිට නොවීම ද විශේෂත්වයකි. ජපානයෙන් ආනයනය කරන ලද යන්ත‍්‍ර සුත‍්‍ර භාවිත කරමින් ඉදිකරන ලද මෙම සායනික ද්‍රව්‍ය දහනය කිරීමේ මධ්‍යස්ථානයට වැයකරන ලද මුදල රුපියල් මිලියන 22 කි. පැයකට සායනික අපද්‍රව්‍ය කිලෝග්රෑම් 100ක් දහනය කර විනාශ කළ හැකි මෙම යන්ත‍්‍රය මගින් දිනකට එම රෝහලේ එකතු වන සායනික කසල කිලෝග්රෑම් 300ක් විනාශ කිරීමට නියමිතය. 
     
    මිට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය ද විනාශ කිරිමට මෙම යන්ත‍්‍රය යොදාගැනිමට නියමිතය. එම රෝහල්වල එකතු වන සායනික අපද්‍රව්‍ය මේ වනවිට විනාශ කරනුයේ පෞද්ගලික අංශය මගිනි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කරන මුදල මෙමගින් අවම කර ගැනිමට හැකියාව ලැබෙනු ඇත. 
     
    එමෙන්ම මෙම යන්ත‍්‍රය මගින් දිනකට උණුවතුර ගැලුම් 28,000 ක් ද නිෂ්පාදනය කරනු ලබයි. එමගින් රෝහල්වල දෛනික උණු වතුර අවශ්‍යතාවය සඳහා වැයවන මුදල ද අවම කර ගත හැකිවනු ඇත.
     
    මෙම අවස්ථාවට රෝහලේ සභාපති අතුල කහදලියනගේ, අධ්‍යක්ෂ සුසිත් සේනාරත්න මහත්වරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya