අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර මාධ්‍යවේදින්ට මනෝවිද්‍යා වැඩමුළුවක්

    නොවැම්බර් 14, 2016

    මාධ්‍යවේදීන්ගේ මානසික සෞඛ්‍ය නැංවිම අරමුණුකරගත් විශේෂ මනෝවිද්‍යා වැඩසටහනක් අනුරාධපුර දී පසුගියදා පැවැත්විණී.

    එකවර වැඩි පිරිසකට තොරතුරු සම්පාදනය කිරීමේ දි සත්‍ය හා නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මාධ්‍යවේදීයකුගේ මුඛ්‍යතම කාර්යභාරයයි. එය ජනතාව අවධියෙන් තැබීම , නිවැරදි මාර්ගයට යොමුකිරීම අරමුණු කරගත්තකි.


     
    මේ සඳහා නිත්‍ය වශයෙන්ම පැහැදිලි දුර දක්නා බවක් මාධ්‍යවේදීයා සතුව තිබිය යුතුය. මෙම මනෝවීද්‍යා වැඩසහන ප්‍රධානයතම ඉලක්කය එය බව අනුරාධපුර දිස්ත්‍රික් මනෝ විද්‍යා උපදේශන අංශය සඳහන් කරයි.

     

    මාධ්‍යවේදීන් සඳහා මෙවැනි මනෝ විද්‍යා වැඩසහනක් පවත්වන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහීදි මාධ්‍ය භාවිතය හා මනෝ විද්‍යාව අතර ඇති සම්බන්ධය පිළිබඳව, විශේෂඥ මනෝ වෛද්‍ය අනුරාධ ඇල්ලේපොළ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සායනික මනෝ විද්‍යාඥ සුසිල් ප්‍රේමරත්න , මනෝ විද්‍යා උපදේශිකා තේජානී බුලත්වත්ත යන මහත් මහත්මීන් විසින් දේශන පවත්වන ලදී.


     
    අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  පැවැති මෙම වැඩමුළුව සඳහා අනුරාධපුර  මාධ්‍යවේදින් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.


     
    අනුරාධපුර මනෝ විද්‍යා උපදේශන අංශය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය ඒකාබද්ධව මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ.

    දිස්ත්‍රික් මාධ්‍ය එක්කය- අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya