මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාවනැල්ල සංවර්ධනයේදී ජනතාවට හිරිහැරයෙක් නැහැ- විදුලිබල ඇමැති

    නොවැම්බර් 13, 2016

    මාවනැල්ල නගර සංවර්ධනයේදී මහජනතාවට කිසිදු හිරිහැරයක් නැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.



    මාවනැල්ල නාගරික ප්‍රදේශයේ තිබූ වසම් ප්‍රමාණය පුළුල් කිරීම සිදු වන බවත්  මෙම සංවර්ධන කටයුත්තේදී, මේ දක්වා නිවාස සැලසුම් අනුමත කිරීමේදී තිබූ මාර්ගවල පළල වැනි නීති රීති ආදිය වෙනස් නොකර ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ජනතාව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, මාවනැල්ල නගර සංවර්ධනය පිළිබඳව පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම සාකච්ඡාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක නිලධාරීන් සහභාගී වූහ.

    මෙම සංවර්ධන කටයුතු සියල්ල ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සිදු කරනු ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම සැලසුම් සකස් කිරීමේදී ජනතාවට හිරිහැරයක් සිදු නොවන පරිදි සැලසුම් සකස් කරන ලෙස අදාළ ආයතනවලින අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම්, හර්ෂ සියඹලාපිටිය මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya