මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලය පිරිමැසීමේ වැදගත්කම ගැන මහනුවර ජනතාව දැනුවත් කිරීමක්

    නොවැම්බර් 11, 2016
    ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම, අපජලය  හා ඝන අපද්‍රව්‍ය  කළමනාකරණය සම්බන්ධයෙන්  මහනුවර නගර සිමා‍වේ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්  මහනුවර  තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතිය හා  සිංහ සමාජය එක්ව  ආරම්භ කොට තිබේ.  මේ යටතේ  පළමු දැනුවත් කිරීමේ වැඩසටහන  මහනුවර  බංගලාවත්ත  ගංගාරාම රජමහ විහාරස්ථානයේදී  ‍නොවැම්බර්  12 දින පෙ.ව. 9.00 සිට  12.00 දක්වා පැවැත්වීමට කටයුතු  යොදා තිබේ. 
    ජල දුෂණය වලක්වා ගැනීම, ජලය,  අපජලය හා ඝණ අපද්‍රව්‍ය  කළමණාකරණය,  මහනුවර නාගරික ප්‍රදේශවල ජල සැපැයුම සම්බන්ධ  ගැටළු, පිරිසිදු  පානීය ජල පහසුකම් මගින්  ලැබෙන ප්‍රතිලාභ  ,  ඩෙංගු වලක්වා ගැනීම වැනි ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්  ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව  මහනුවර තදාසන්න ජල  ව්‍යාපෘතියේ  ව්‍යාපෘති අධ්‍යක්ෂ  සරත් ගාමිණි මහතා පවසයි. 
     
    මහනුවර තල්වත්ත ප්‍රදේශයේ  මහජනතාවට මෙම අවස්ථාවට සහභාගි විය හැකි බව  මහනුවර තදාසන්න  ජලසම්පාදන  ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා මහනුවර මහනගර සභාව සහ සිංහ සමාජයද දායකත්වය ලබා දෙයි. 
     
    ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මහනුවර හා තදාසන්න ජල සම්පාදන ව්‍යාපෘතිය මහනුවර ජනතාව සදහා ප්‍රමිතියෙන් උසස් පානීය ජලය ලබාදීම ඇතුළු ජල සම්පාදන කටයුතු සදහා පිහිටුවන ලද ව්‍යාපෘතියකි. 2006 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරිමට අමතරව, තත්වයෙන් උසස් ජල උපාංග හදුන්වාදීම, වෘත්තීයමය ජල කාර්මිකයන් පුහුණු කිරීම ඇතුළු යටිතල පහසුකම් සම්පාදනය කිරීමද සිදු කරනු ලබන ආයතනයකි. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya