නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අමාත්‍ය එස්.බී.ගෙන් 19 ලක්ෂයක්

    නොවැම්බර් 09, 2016
    සමස්ත ලංකා හර්මන්ලෝස් කුසලාන ශිෂ්‍ය භට තරගාවලිය නියෝජනය කිරීම සඳහා නුවරඑළිය පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම් 04ක් සහභාගි කරවීමට වියදම් වූ රුපියල් 19 ලක්ෂයකට අධික මුදලක් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලයට ලබා දීමට සමාජ සංවර්ධන හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ඊයේ (08) පියවර ගත්තේය.
     
    මෙවර පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලය විසින් හර්මන්ලෝස් කුසලානය සඳහා ශිෂ්‍යභට කණ්ඩායම් 04ක් ඉදිරිපත් කර තිබේ. ඒ විද්‍යාලයේ පවතින ශිෂ්‍ය භට  කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායම් 03 ක් වශයෙනි. ශිෂ්‍ය භටයන් 75 දෙනෙකු ගෙන් සමන්විත නව කණ්ඩ 03 සඳහා වියදම් වූ රුපියල් 1947060/- ක මුදල විද්‍යාලයට ලබා දෙන බවට අමාත්‍ය එස්.බී. දිසානායක මහතා  එම විද්‍යාලයට වූ පොරොන්දුවක් මත මෙම මුදල  දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලබා දීමට ක්‍රියාකර ඇත.
     
    ඊයේ බත්තරමුල්ල අමාත්‍ය කාර්යාලයේ දී පැවැති චෙක්පත පිරිනැමීමේ අවස්ථාවට විද්‍යාලය වෙනුවෙන් විදුහල්පතිනි ආර්.එම්.ජී.ආර්. වික්‍ර‍මසිංහ, යුද හමුදා ශිෂ්‍යභට කණ්ඩ භාර නිලධාරි එන්.පී.පී. යටිවැල්ල, තුර්ය වාදක කණ්ඩයේ කණ්ඩභාර නිලධාරි 2වන ලුතිනන් එච්.එම්.ටී.එම්. හිටිහාමු, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ඕ.ජී.ආර්.බණ්ඩාර යන  මහත්ම මහත්මීන් ඇතුළු ශිෂ්‍ය භට කණ්ඩයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයන් හා බාලිකාවන් අටදෙනෙකු සහභාගි වූ අතර සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශ ලේකම් මහින්ද සෙනෙවිරත්න, දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න, අමාත්‍ය උපදේශක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න හා සමාජ සුබසාධන හා සමාජ ආරක්ෂණ අධ්‍යක්ෂ යූ.අනුර එස්. වීරරත්න යන මහත්වරු සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya