නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 101කට පත්වීම්

    නොවැම්බර් 06, 2016
    නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 101කට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරිම පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශවණාගාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
     
    එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ දීමනා සහ අනෙකුත් වරප‍්‍රසාද ලබාගැනීමට මම වෘත්තීය සමිති නායකයෙකු ලෙස විශාල සේවාවක් ඉටු කළ බවත් රාජ්‍ය සේවයට අද එක්වන ඔබ තීන්දු තීරණ ගැනීමට පෙර ඡ්‍යෙෂ්ඨයින්ගෙන් විමසා බලන ලෙසත්ය.
     
    "මම වෘත්තීය සමිති නායකයෙකුව සිටින විට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප‍්‍රශ්නත් මා වෙත ඉදිරිපත් වුණා. මම ඒවාටත් විසඳුම් ලබාදීමට සමත් වුණා. ඔබ සැමට උදවු කරන්නේ නීතියට අනුවයි. රෝහල්තුළ ප‍්‍රශ්න ඇති කර ගන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ සේවා ස්ථානය තුළ දී ජනතාවට කළ සේවය පමණයි ඉතිරි වෙන්නේ ජනතා ප‍්‍රසාදය දිනා ගන්න. ජනතාවට උදවු කිරීමේ පරමාර්ථයෙන් සේවය කරන්න" යැයි ද කීය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) එම්.බී.එල් රහුමාන්, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප‍්‍රියන්ත අතපත්තු යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya