ඒ අනුව මධ්‍යම බෙහෙත් ශාලාවක් ව පවතින මැදිරිගිරිය ආයුර්වේද රෝහල, රෝහලක් ලෙස වැඩිදියුණු කිරීමට ඇඳන් 20ක් සහිත කාන්තා හා පිරිමි වාට්ටු දෙකක්, කසාය හා ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ නිෂ්පාදනාගාරයක් මෙන්ම වෛද්‍ය නිල නිවාසයක් ද ඉදිකිරීම වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කෙරේ.
මෙම රෝහල සංවර්ධනය කිරීම හරහා මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ලංකාපුර හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට නේවාසික ආයුර්වේද පහසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වෙනු ඇත.