මෙම කාන්තාව 2006.08.25 දින සෞදි අරාබියේ සේවය සඳහා ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ඇයගේ පුත‍්‍රයා විසින් 2011 වසරේ කාර්යාංශයට පැමිණිලි කර ඇත. මීට මාස දෙකකට පෙර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට පවුලේ අය විසින් කළ දැනුම්දීමක් අනුව නැවත වරක් ඇය පිළිබඳ ව සොයා බලා ඇත. මේ අතර ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් මෙම කාන්තාවගේ රැකියා බලපත‍්‍රය අලුත් කරගැනීමට සෞදි තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇය පිළිබඳ ව අනාවරණය වී ඇත්තේ වසර 10ක් තිස්සේ කිසිඳු වැටුපක් ලබා නොදී ඇය එම නිවසේ බලෙන් රඳවාගෙන ඇති බවයි. ඒ අනුව සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම කාන්තාව සෞදි තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රඳවාගෙන ඇති අතර, වසර 10ට ඇයට හිමිවිය යුතු වැටුප ඇය රැකියා කළ හාම්පුතාගෙන් ලබාගැනීමට ද කටයුතු කොට ඇත.
නන්දා මනම්පේරි වන මෙම කාන්තාව ඊයේ (01) ලංකාවට පැමිණි අතර, ඇයට හිමි චෙක්පත අමාත්‍යතුමිය විසින් ඇයට ලබාදුන්නාය. වසර 10ට පසු එම කාන්තාවට දරුවන් මුණගැසුණේද අද දින කාර්යාංශයේදීය.
මීට අමතරව කාර්යාංශයේ රැකියා කර මීට වසර 13ට පෙර දේශපාලනික පළිගැනීම මත සිය තනතුරු අහිමි කළ කාර්යාංශයේ නිලධාරීන් හය දෙනෙකු අද දිනයේ නැවත සේවයේ පිහිට වූ අතර, පත්වීම් අමාත්‍යතුමියගේ අතින් ලබාදුණි.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ නීතීඥ උපුල් දේශපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.