නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය යටතේ ඉදිවුණු මෙම ගම්මානය වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළේ ජනතා අයිතියට පත්වන 13වැනි උදා ගම්මානයයි.
අක්කර 3කට වැඩි භූමි ප්‍රමාණයක ඉදිකොට ඇති මෙම නිවාස ගම්මානය නිවාස 24කින් සමන්විත වේ. ගම්මානය විදුලි බලය, ජලය, ප්‍රවේශ මාර්ගය හා අභ්‍යන්තර මාර්ග ඇතුළු මූලික පහසුකම්වලින් සමන්විත වේ.
මෙම අවස්ථාවට සමඟාමීව ප්‍ර දේශවාසී පවුල් 400කට "විසිරි නිවාස" ණය පිරිනැමීම, පවුල් 40කට පදිංචි ඉඩම් සඳහා ඔප්පු ලබාදීම, "ශිල්ප සවිය" යටතේ ඉදිකිරීම් ශිල්පීය පුහුණුව සඳහා තෝරාගත් ප්‍රදේශයේ තරුණ තරුණියන් 17දෙනෙකුට වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළ පොත් ලබාදීම, කපලාරු ආධාර යටතේ පවුල් 55කට සිමෙන්ති ආධාර ලබාදීම වශයෙන් වැඩසටහන් රැසක් සිදු කෙරේ.