මෙම ශල්‍යකර්මයන් ඔස්ට්‍රේලියාවේ වින්ස්ටන් රෝහලෙහි මහාචාර්ය එම්.ඒ. ඩේවිඩ් (Prof. M. A. David) මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇටමිදුළු පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කෙරෙන්නේ ප්‍රථම වරට වේ. මේ වන තුරු එවන් රෝගීන් සඳහා ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් සිදු කරනු ලැබුවේ සිංගප්පූරුව හෝ ඉන්දියාව වැනි රටවලින් වන අතර ඒ සඳහා රුපියල් මිලියන 30 - 40ත් අතර මුදල් වැය වේ.
මේ වන විට මහරගම අපේක්ෂා රෝහලෙහි මෙම ශල්‍යකර්ම සිදු කිරීම සඳහා වන පොරොත්තු ලේඛනයේ පසුවන 100ක් පමණ වන රෝගීන්ගෙන් තෝරාගන්නා පිරිසක් ප්‍රථමවරට මේ සඳහා භාජනය කෙරේ.
විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුහුණුව සඳහා ඔස්ට්‍රේලියාවේ වින්ස්ටන් රෝහල වෙත යැවීමට නියමිතව ඇත.
ඇටමිඳුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයන් ක්‍රමදෙකක් යටතේ සිදු කරනු ලැබේ. රෝගියාගෙන් ම ලබාගත් ඇටමිඳුළු බද්ධ කිරීම ප්‍රථම ව සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් අත්කරගත් සාර්ථකත්වයෙන් අනතුරුව පරිත්‍යාගශීලියෙකුගෙන් ලබාගත් ඇටමිඳුළු බද්ධ කිරී ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.