මෙම රැස්වීම සඳහා මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ලබාදෙන අතර ශ‍්‍රී ලංකා රජය, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සත්කාරකත්වය දක්වයි.
මෙම රැස්වීම බංගලාදේශය, කොමරෝස්, ඉන්දියාව, ඉරානය, මැඩගස්කරය, මොසැම්බික්, සීෂෙල්ස්, ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, යන රටවල අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යවරුන් නියෝජනය කරනු ඇත. පකිස්ථානය, කටාර් හා මුරුසිය යන රටවලින් අභ්‍යන්තර ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය පිළිබඳව නීති බලාත්මක කිරීමේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
මෙහි ප‍්‍රධාන දේශනය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පැවැත්වීමට නියමිත අතර ”2016 දී මුහුදෙන් මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම් ” එකතුව නැමැති කෘතියෙහි පිටපතක් සහ දකුණු මාවතෙහි තර්ජනය පිළිබඳ ඇගයීම ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නීති බලාත්මක කරන නියෝජිතායතන ප‍්‍රධානීන්ගේ රැස්වීමක් ද ලබන 28 වන දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත්වෙන අතර මෙහිදී 2016 දී දක්ෂිණ මාවතේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ප‍්‍රවණතා, දක්ෂිණ මාවතේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ වෙරළබඩ රාජ්‍ය කෙරෙහි බලපෑම, ඉහළ / පහළ බෙදාහැරීම් ජාල සෙවීමට මත්ද්‍රව්‍ය මුද්දර භාවිතය පිළිබඳ සංග‍්‍රහය පිළිබඳ අදහස් දැක්වීම සිදු කෙරෙනු ඇත.
මෙම නියෝජිතායතන ප‍්‍රධානීන් විසින් ලබන 29 වන දින පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ ද විශේෂ අවධානය යොමු කිරීමට ද නියමිතය.
එනම්, පොදු අභියෝගයකට මුහුණදීම සඳහා ඉන්දීය සාගර රාජ්‍යවල නීති/මත්ද්‍රව්‍ය බලාත්මක කිරීම භාර අමාත්‍යවරුන් එකට හමුවීම, අමාත්‍යවරුන් සාමුහික වශයෙන් මත්ද්‍රව්‍ය අපරාධවල තර්ජනයේ මට්ටම තීරණය කිරීම හා ඹභධෘක් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමඟ මේ තර්ජනයට එරෙහිව කටයුතු කිරීම පිණිස සුදුසු පිළියම් සැකසීම , ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම සඳහා කලාපීය සහයෝගීත්වය සඳහා ප‍්‍රමුඛ ක්ෂේත‍්‍ර හඳුනා ගැනීම හා ඉන්දීය සාගර කලාපයේ මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ නියෝජිතායතන අතර සහයෝගය හා සංවාදය වර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කෙරේ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය විසින් වාර්ෂිකව අප‍්‍රිකාව, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය ආශ‍්‍රිතව මෙන්ම ආසියා ශාන්තිකර කලාපය යන කලාපයන් ත‍්‍රිත්වයන් තුළ වාර්ෂිකව ආසියානු හා ශාන්තිකර කලාපීය මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ජාතික නායකයින් සඳහා වන රැස්වීම පවත්වනු ලබයි.
තවද, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය යටතේ අධීක්ෂණය වන ගෝලීය - නාවුක අපරාධ පිළිබඳ වැඩසටහනේ ප‍්‍රධානත්වයෙන් ”ඉන්දියානු සාගර කලාපීය නාවුක අපරාධ පිළිබඳ හමුවක් ” ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල් 20 ක මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ඉහළ මට්ටමේ නිලධාරීන් සම්බන්ධ වනු ඇත. මෙහිදී නාවුක මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය පරිවහනය පිළිබඳව ඇති වෙමින් පවත්නා තර්ජනයන් පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරේ.