නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සෙනෙහසේ තොටුපොළ” අද ජනතා අයිතියට

    ඔක්තෝබර් 28, 2016
    දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය අද (28)දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
     
    තිස් වසරක යුද ගිනිදැල් මැද කැඩිබිඳී ගිය දුම්රිය නැවතුම පමණක් නොව උතුරු දකුණු සහෝදරත්වයේ හදවත් ද සෙනෙහසින් යා කෙරෙන වැඩසටහනක් ලෙස මෙය ජාතියට දායාද කිරීමට සැලසුම් කර තිබේ.
     
    දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර ඇත. ගුරුවරුන් ද රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබේ. මෙලෙස පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල රුපියල් මිලියන 10.54 ක් වන අතර ඉතිරි මුදල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ. දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20ක් වැය වී ඇත.
     
    මෙදින අනුරාධපුරයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය සහ යාපනයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය අලිමංකඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව මෙම දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කෙරෙනු ඇත.
     
    මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් සහභාගිවීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya