නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත පිළිබඳ කෑගල්ලේ මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 25, 2016
    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා එක්ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් වැඩමුළුව සංවිධානය කර තිබිණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා සහභාගී වූ  අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා  සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් අබේවික්‍රම වනසූරිය මහතා ද වැඩමුළුව  සදහා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී විය. 
     
    ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා සහ නීතිඥ ජගත් ලියනාරච්චි යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්වු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya