නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමයට ලබන වසරේ දී බස්රථ 1000ක්

    ඔක්තෝබර් 25, 2016
    ලංකා ගමනාගමන මණ්ඩලයට ලබන වසරේ දී නව බස් රථ 1000ක් ධාවනයට එක් කිරීමට අදාළ කටයුතු මේ වන විට අවසන් කොට ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින වෙන්නප්පුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කාර්යාලයේ 36වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.
     
    එහිදී අබලන් තත්ත්වයේ තිබූ බස් රථයක් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ධාවන කටයුතු සඳහා යෙදවීම ද නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු විය.
     
    ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින්ගේ හිඟ පාරිතෝෂිත මුදල්වලින් රුපියල් කෝටි 08ක පමණ මුදලක් මේ වන විට ගෙවා අවසන් ව ඇති බවත් ඉතිරි සියලු ම හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට ලබන වසරේ දී කටයුතු කරන බවත් පැවසීය.
     
    මෙවර අයවැයෙන් රුපියල් කෝටි 5192ක මුදල් ප්‍රමාණයක් ලංකා ගමනාගමන මණ්ඩලයට වෙන්කර ඇති බවත් ඒ නිසා රජයක් ලෙසින් මෙම මුදල් මනා කළමනාකරණයක් සිදු කරමින් මේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට සියලු උදාහරණයන් දරණ බවත් කීය.
     
    ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් පත් කිරීම සහ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවා සපයන ආයතනයක් බවට ගමනාගමන මණ්ඩලය කටයුතු කරමින් පවතින බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට මිල්රෝයි ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya