පසුගිය දා මෙම විදුහලේ දරුවන් පිරිසක් අධ්‍යාපන චාරිකවක නියැලෙන අතරතුර මහභාණ්ඩාගාරය දැක බලා ගැනීම සඳහා ද පැමිණියහ. එහි දී අනපේක්ෂිත ලෙස එම දරුවන්ට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමේ අවස්ථාව උදා විය. දරුවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ මුදල් අමාත්‍යවරයා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඇති අඩුපාඩු පිළිබඳ විමසා සිටියේ ය. එහිදී දරුවන් කියා සිටියේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් රැසක් පාසලේ ඉගෙනුම ලැබුව ද පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් නොමැතිවීම එම දක්ෂතාව ඔප්නංවා ගැනීමට බාධාවක් බවයි.
එහි දී මුදල් අමාත්‍යවරයා විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේ ය. එම පොරොන්දුව ඉටු කරමින් ඒ සඳහා අවශ්‍ය වන රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදල විදුහල වෙත පරිත්‍යාග කෙරිණි.
මෙම අවස්ථාවට විදුහල්පති වයි.ජී. වෙදතිලක, විද්‍යාලයීය ආචාර්ය චමින්ද සිරිවර්ධන, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන, මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් සමීර ජයවර්ධන යන මහත්වරු එක් ව සිටියහ.