පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ නිමල් සිරිපාල ද සිල්වා සම්මන්ත්රණ ශාලාවේ දී සමාරම්භක උත්සවය පැවැත්විණි. අමාත්‍යාංශයේ විෂය පථයට පමණක් සීමා නොවෙමින් මාර්ග සංවර්ධනයෙන් පමණක් නොනැවතී, අදාළ ප්‍රදේශවල අවශ්‍යතාවය පරිදි අදාළ ආයතන, නිලධාරීන්, අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරගනිමින්, ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් සමඟින් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම අවස්ථාවට විදුලි සංදේශය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.