නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද අවතැන්වූවන්ට නව නිවාස

    ඔක්තෝබර් 24, 2016
    කොස්ලන්ද මීරියබැද්ද වත්ත නායයාමෙන් අවතැන්වූ පුද්ගලයින්ට නව නිවාස 75ක් ලබාදීම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හා කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය. 
     
    අවතැන්වූවන් වෙනුවෙන් වූ මෙම නව නිවාස කොස්ලන්ද පුනාගල වත්ත මකල්දෙනිය ප්‍ර දේශයේ ඉදිකොට ඇති අතර මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 16ක් වැය වී ඇත.
     
    ආපදා කළමනාකරණ අමාත්‍යංශය, කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත මෙම නිවාස ඉදිකොට ඇති අතර ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කොට ඇත.
     
    මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya