නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වර්ග 47 ක මිල අඩුකිරීමේ දිනය ප්‍රකාශ කිරීම 21දා

    ඔක්තෝබර් 17, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ ඖෂධ වර්ග 47ක උපරිම සිල්ලර මිල ඇතුළත් ගැසට් පත‍්‍රය ලබන සිකුරාදා (21) දින ප‍්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කරයි. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (17) පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේය. 
     
    ඖෂධ වර්ග 47 ක මිල අඩු කරනු ලබන ගැසට් පත‍්‍රය රෙගුලාසියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සඳහා සකස් කිරිමට නීති කෙටුම්පත් අංශය වෙත යොමු කර තිබෙන බව පෙන්වාදෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් සිකුරාදා වනවිට ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
     
    "මහාචාර්ය සේනක බිබිලේ මහතාට අවශ්‍ය වුයේ ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මහජනතාවට ලබාදීමටයි. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ඖෂධ හිඟයකින් තොරව ජනතාවට ලබාදෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ද ඖෂධ සඳහා සාධාරණ මිල ක‍්‍රමෙවිදයක් හදුන්වා දිය යුතුයි. ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 47 ක් පළමු අදියර යටතේ මිල අඩු කරනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා අවශ්‍ය ඖෂධ ද ඊට ඇතුළත්". 
     
    මිල ගණන් අඩු කිරීමේ ක‍්‍රමෙවිදය සොයාබැලීම සඳහා ගැසට් පත‍්‍රය මගින් රාජ්‍ය ආයතන 02ක් නම් කිරීම ද මේ යටතේ සිදු කෙරේ. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය එම ආයතන දෙකයි.
     
    මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, එහි ප‍්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya