“තිරසාර සංවර්ධනය සඳහා අවකාශීය දත්ත යටිතල ව්‍යුහය” යන්න මෙවර සමුළුවේ තේමාව වී ඇත.
ආසියාවේ 37 වෙනි වරට හා ශ්‍රී ලංකාවේ සිව්වැනි වතාවට පැවැත්වෙන මෙම සමුළුවේ අරමුණ වන්නේ තොරතුරු හුවමාරුව තුළින් දුරස්ථ ග්‍රහණ ප්‍රවර්ධනය සහ ආසියානු ෆැසිපික් කලාපයේ සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය හා අන්තර්ජාතික අවබෝධය ප්‍රවර්ධනය කිරීමය.
වෘත්තිකයින්, පර්යේෂකයින්, විද්වතුන්, විද්‍යාඥයින්, කර්මාන්ත ව්‍යාපාරිකයින්, දුරස්ථ ග්‍රහණ තාක්ෂණය භාවිතා කරන්නන් සහ ඒ හා සම්බන්ධ ක්ෂේත්‍ර අතරට නවතම අවකාශීය තොරතුරු තාක්ෂණයන් හඳුන්වාදීම ද මෙම සමුළුව හරහා සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සිදුවන කඩිනම් සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමට උපකාර කරගත හැකි මෙම තාක්ෂණයන් අතරට මැනුම් දත්ත රැස්කිරීමේ නව ක්‍රමවේදයන්ද හඳුන්වා දීමට අවස්ථාවක් ලබා දී ඇත. තීරණ ගැනීමේදී සහ සංවර්ධන සැලසුම් කිරීමේදී යාවත්කාලීන කරන ලද අවකාශීය තොරතුරු පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
එමෙන්ම අවකාශීය තොරතුරු සම්බන්ධයෙන් සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ හදිසි ආපදා අවස්ථාවලදී මෙම තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාවයි. මෙහිදී තොරතුරු හුවමාරු කරගැනීමේ අරමුණින් ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම හා වෘත්තිකයන් අතර වඩා යහපත් සහයෝගීතාවයක් වැඩි දියුණු කිරීම හරහා ප්‍රජාවට වඩාත් යහපත් සේවාවක් සැපයීමේ ප්‍රවණතාවයන් හදුනාගැනීම ද මෙම සමුළුව හරහා සිදු කිරීමට අපේක්ෂිතය.
මෙම අවස්ථාවට ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ඇතුළු දුරස්ථ ග්‍රහණ විෂයය සම්බන්ධ දෙස් විදෙස් විද්වතුන් 600 කට අධික පිරිසක් සහභාගි වේ.