නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර මහා වාරි ජලාශ රැසක් ප්‍රතිසංස්කරණය කෙරේ

    ඔක්තෝබර් 06, 2016

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරි ජලාශ රැසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතී. මහ විලච්චිය , මහ කනදරාව , නුවරවැව, වැනි ජලාශ ඊට ඇතුලත් වේ.  මෙම ජලාශ ඇතුළු ජලාශ නවයක පමණ සිදුවන වේලි ආරක්ෂණ ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු රැසක්, සිදුවෙමින් තිබේ.

    ඔක්තෝම්බර් මස තුන්වනදා අනුරාධපුරයට පැමිණි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා, නුවරවැව හා මහ කනදරා යන ජලාශයන් හි ප්‍රතිසංස්කරණයන් සිදුවන ආකාරය නිරික්ෂණය කළේ ය. එහීදි මෙම වාරි ව්‍යාපෘතීන් ඇතුළු ප්‍රතිසංස්කරණයට ලක්වෙමින් පවතින  අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු වාරි ව්‍යාපෘතීන්හි වැඩකටයුතු ඉතා කඩිනමින් අවසන් කරන ලෙස එම ව්‍යාපෘති භාර  නිලධාරීන් වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේ ය.

     

    මහ කනදරාව ජලාශයේ වේලි ආරක්ෂණ වැඩපිලිවෙළ අවසන් අදියරේ පවතින අතර එළඹෙන මහ කන්නයේ දී වගා කටයුතු සදහා ස්ථිර වශයෙන්ම ජලය නිකුත් කරන බවට අමාත්‍යවරයා ගොවි ජනතාව ඉදිරියේ පැවසීය.  වේළි ආරක්ෂණ ඇතුළු මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතින්ට වැය කරන මුදල රුපියල් මිලියන 2,000 කි.


     
    මෙම නිරීක්ෂණ චාරිකාව සදහා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව් රත්නායක , වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්. විරසිංහ , අනුරාධපුර අතිරේක දිසාපති එල්.පී. මදනායක,  අනුරාධපුර කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරින් රැසක්  සහභාගි විය.

     

    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya