මෙම නව ව්‍යාපෘතිය සදහා කැබිනම් අනුමැතිය ද ලැබී තිබෙන බැවින් ව්‍යපෘතිය ආරම්භ කිරිමට අදාල පුර්ව සුදානම් වීම් මේ වන විට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ , අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ දී යි.
මල්වතු ඔය ගංගා ද්‍රෝණිය මෙරට ඇති දෙවන විශාලතම ගංගා ද්‍රෝණිය ලෙස සැලකේ. එහි පෝෂක ප්‍රදේශයට අනුරාධපුර දිස්ත්‍රික්කය , වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුනෙහිම ප්‍රදේශ අයත් වේ. මෙම ජලාශය ඉදිකිරිමෙන් නව වාරි පහසුකම්, විදුලි ජනනය , පානීය ජල ගැටලුවට විසදුම් ලැබීම, අභ්‍යන්තර මාර්ග ඉදිවීම, වනාන්තර හා වන ජීවි සංරක්ෂණය , ආදී ප්‍රතිලාභ රැසක් අත් වේ. මෙම ජලාශය ඉදිකළ පසුව එය ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජලාශය ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එහි අක්කර අඩි ප්‍රමාණය එක්ලක්ෂ හැටනම දහසකි. යෝජිත ව්‍යාපෘතිය සදහා වැය වන ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන දොලොස්දහස් තුන්සියයකි.
AP/DMU-Anuradhapura