ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මලල ක්‍රීඩා ක්ෂේත්‍ර යෙන් විශේෂ කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා තුෂාරි අබේරත්න යන ක්‍රීඩිකාවන් දෙදෙනාට අගනුවර සමීපයෙන් නිවාස දෙකක් පිරිනැමීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
ඒ අනුව මෙම ක්‍රීඩාවන් දෙදෙනාට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යටතේ පවතින අඟුලානේ සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක් පරිත්‍යාග කළ අතර මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 45ක් පමණ වේ.
කලා කටයුතු, ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ප්‍රබෝධයක් ඇති වන්නට එවැනි ඇගයීමක් අවශ්‍ය බවත් එවැනි වතාවරණයක් යටතේ ඉස්මතුවන මිණිකැට වැනි යෞවන යෞවනියන් පෝෂණය කිරීම රජයේ වගකීම බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛතාවය ලබාදෙන බවත් පැවසීය.
ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් මරා දැමුණු මර්ධනයට ලක්වුණු කාලය මේ වන විට අවසන්ව ඇති බවත් දැන් ඔවුන් ආදරයෙන් රැකබලා ගන්නා කාලය උදා වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.