මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදිරිගිරිය ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගාරයත් 11 වෙනිදා ජනපති අතින් සිසු අයිතියට

    ජූනි 04, 2014
    මැදිරිගිරිය ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගාරය ලබන 11 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත්කිරීමට නියමිත බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපනික පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 23ක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත දරු පරපුර වෙනුවෙන් ලබාදීමට මෙහිදී කටයුතු කොට ඇත. 

     

    පොලොන්නරුව, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ අධ්‍යාපනික කලාපවලට අයත් පාසල් 23ක මේ තාක්ෂණික විද්‍යාගාර ඉදිකොට තිබේ. මේ සඳහා රජය වැය කොට ඇති මුදල රුපියල් මිලියන 206කි. මේ සියලු ඒකක සාමාන්‍ය විද්‍යාගාර පහසුකම්වලින්, පරිගණක විද්‍යාගාරයක් හා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය නවීන ශබ්දාගාරයකින් සමන්විත වේ.

     

    NDH/WK_BG_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya