මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසවිසෙන් තොර සැබෑ ශ්‍රී ලාංකේය රසයෙන් යුත් ආහාර වේලක් ලාංකේය ජනතාවට

    ජූනි 04, 2014

    වසවිසෙන් තොර සැබෑ ශ්‍රී ලාංකේය රසයෙන් යුත් ආහාර වේලක් ලාංකේය ජනතාවට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පවසයි.

     

    ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා අඟුරුවැල්ල ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වස විසෙන් තොර දේශීය ආහාර වට්ටෝරුවක් හඳුන්වා දෙනු ලැබීම නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවේ දීය.එහිදී තවදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “අද වස විසෙන් යුත් ආහාර රටාවකට ජනතාව පුරුදුව සිටිති. එම නිසා නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙති. මෙම තත්ත්වය වටහා ගත් කෘෂිකර්ම අමාත්‍යාංශය, තමන් යටතේ පවතින අනෙකුත් ආයතන සම්බන්ධ කරගෙන වසවිසෙන් තොර මෙවැනි දේශීය ආහාර වට්ටෝරුවක් විවාහ මංගල උත්සව සඳහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි. මෙම අවස්ථාවට කෘෂිකර්ම  අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතනවල නිලධාරිහු ද සහභාගිව සිටියහ.


    ECB/LT_dmu_kegalle

    kegalle1





    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya