මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීකරණය කළ රාජකීය මැදි විදුහල ජනපති අතින් සිසුඅයිතියට පැවරීම 11 වෙනිදා

    ජූනි 04, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත දරු දැරියන් වෙනුවෙන් රුපියල් මිලියන 425ක වියදමින් සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 11 දින සිසු අයිතියට පැවරීමට නියමිතය.


    දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන පහසුකම් සහිත පාසලක් ලෙස නවීකරණය කරන ලද මේ විද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 3000ක් පමණ වේ. සිසු සිසුවියන් 400කට පමණ මෙහි නේවාසික පහසුකම් ද සපයනු ඇත.

     

    සියලු පහසුකම් සහිතව ප්‍රධාන ශාලාව නවීකරණය කිරීම, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් ඉදිකිරීම පරිපාලන ඒකකයක් සමඟ විද්‍යාගාර 03ක් ඉදිකිරීම, චිත්‍ර, නැටුම්, සංගීතය හා තාක්ෂණික ඒකකයක් අලුත්වැඩියා කිරීම, සියලුම නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම, භූගෝල හා ගෘහවිද්‍යා ඒකක නවීකරණය කිරීම, පාසල වටා ආරක්ෂිත වැට ඉදිකිරීම, වැසිකිළි පද්ධති සම්පූර්ණයෙන් ඉදිකිරීම, අධ්‍යයන හා අනධ්‍යයන නිල නිවාස අලුත්වැඩියා කිරීම, දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති 60ක් යටතේ විද්‍යාලයේ සංවර්ධන කටයුතු සිදු කොට ඇත.
     

    පාසල අවට සියලුම ප්‍රවේශ මාර්ග නවීකරණය හා සමස්ත පාසල් භූමියම ළමා මිතුරු පරිසරයක් ලෙස සංවර්ධන කිරීම ද මේ යටතේ සිදු කරන බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

     

    NDH/WK-BG-dmu polonnaruwa

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya