මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය ජූනි 05 - ශ්‍රී ලංකාවේ වැඩසටහන් රැසක්

    ජූනි 04, 2014

    මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහ පාසල් සිසුන් 500කගේ සහභාගීත්වයෙන් මේ මස 05 වන දින කොළඹ රාජකීය විද්‍යාලීය නව රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ලෙස  සැමරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ජාතික පරිසර සතිය 05 වනදා සිට 17වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ.


    මීට සමගාමී ලෙස ශ්‍රී ලංකාවේ වනාන්තර සංරක්ෂණය හා කළමනාකරණය කිරීම සඳහා  “වන සුරැකුම් කමිටු” ස්ථාපිත කිරීම, කළුතර දිස්ත්‍රික්කයේ දොඹගහකන්ද රක්ෂිතය සංරක්ෂණය සහ සංවර්ධනය සඳහා වැඩසටහන් දියත් කිරීම, පාරිසරික පාගමන් ඇතුළු ප්‍රජා මූලික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම, පරිසර දිනයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම් හා පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ මස 06 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා ඇත.


    එමෙන් ම බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල තුරු ජන සිසු බැංකු ව්‍යාපෘතිය සහ දේශීය ශාක සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අනුරාධපුර, මැදවච්චිය ප්‍රදේශයේ තේක්ක වන වගාස්ථාපිත කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය දැව සංස්ථාව සතු ඉඩම්වල දේශීය දැවමය ශාක රෝපණය කිරීමේ වැඩසටහන් ආරම්භ කිරීම රාජ්‍ය දැව සංස්ථාව මගින් මේ මස 09 වන දින කටයුතු යොදා ඇත.


    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මගින් මේ මස 10 වන දින මැණික් පතල් වැඩ හවුල්කරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, අත්හැර දමන ලද මැණික් පතල්  වසා දැමීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පතල් කම්කරුවන්ගේ ආරක්ෂාව සහ පරිසර සංරක්ෂණය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීම සිදු කෙරේ.


    එමෙන් ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් මේ මස 11වන දින ප්‍රජාව සතු පුනර්ජනනීය බලශක්ති උත්පාදන බලාගාර අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණ පෙරදැරිව “සුනිත්‍යාලෝක” වැඩසටහන  ආරම්භ කිරීම, පාසල් ප්‍රජාව බලශක්ති කමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය සඳහා යොමු කිරීම හා විෂය මාලාවේ අන්තර්ගත බලශක්ති පිළිබඳ සෛද්ධාන්තික  කරුණු ඔවුන්ගේ ප්‍රායෝගික ජිවිතය  හා බද්ධ කිරීමේ අරමුණින් දිවයිනේ අධ්‍යාපන කලාප 96 ආවරණය වන පරිදි බලශක්ති සමාජ පිහිටුවීම සිදු කෙරේ.


    පස් කැපීමෙන් හානි වූ ඉඩම් පුනරුත්තාපනය කිරීම, ගං ඉවුරු සංරක්ෂණය කිරීම යටතේ  භූවිද්‍යා  සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රාදේශීය කාර්යාල  ආශ්‍රිතව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ත්‍රිකුණාමලයේ පරිසර සංරක්ෂණයට අදාළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම, නිලාවේලි ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණය කිරීම, ධීවර වරායන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පරෙවි දූපත් ආශ්‍රිත කොරල්පරය කිමිදුම්කරුවන් යොදාගෙන පිරිසිදු කිරීම මේ මස 16 වන දින භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයත එක්ව සිදු කෙරේ.


    එමෙන් ම කොළඹ  ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවයෙන් 80%ක් පමණ සපුරාලන කැලණි ගඟ හා එහි ගංගාධාර ප්‍රදේශ සංරක්ෂණය සහ කළමනාකරණය කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට මේ මස 17 වන දින මධ්‍යම පරිසර අධිකාරිය මගින් කටයුතු යොදා ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya