ඌව පළාතේ ප්‍රධාන තැපැල් කාර්යාල 03 ක් සහ පළමු හා දෙවන පෙළ තැපැල් කාර්යාල 43 ක් උප තැපැල් කාර්යාල 251 ක් හා කණිෂ්ඨ තැපැල් කාර්ය මණ්ඩලයේද සහයෝගයෙන් මුද්දර අලෙවිය, මුදල් ඇණවුම් නිකුත් කිරීම, ජාතික ඉතිරිකිරීමේ බැංකු තැන්පත්, විදුලි බිල්පත්, ස්පීඩ් පෝස්ට් සේවාව, දුරකථන කාඩ්, දුරකථන බිල්පත්, දුරකථන රිලෝඩ්, ලියාපදිංචි ලිපි, පාර්සල්, ටෙලිමේල්, රක්ෂණ වාරික ඇතුළු සේවාවන් රැසක් ජනතාවට ලබාදීම තුළින් මෙම ආදායම උපයා තිබේ.
ඌව පළාත් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් වරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සිදුකෙරුණු විවිධ වැඩසටහන්ද උපයෝගී කරගෙන වසරින් වසර මෙම ආදායම ඉහළ නංවා ගැනීමට ̔ඌව තැපැල් පවුල' සමත්ව ඇත.
ඌව පළාත තුළ තැපැල් සේවයට සම්බන්ධ සමස්ථ කාර්යා මණ්ඩලය එකම පවුලක් ලෙසින් කටයුතු කරමින් ඒ සියළු දෙනාගේ සහයෝගයෙන්, ඵලදායිතා සංවර්ධන හා ආදායම් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු විවිධ වැඩසටහන් තුළින් මෙම ආදායම ලබාගත හැකිවූ බව ඌව පළාත් නියෝජ්‍ය පෝස්ට්මාස්ටර් ජනරාල් ආර්.ධර්මසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
AP/DMU-Badulla