නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාලිඇල කීරියගොල්ල පාලම ජනතා අයිතියට

    පෙබරවාරි 01, 2016

    හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කීරියගොල්ල පල්ලේවෙල ඔය හරහා ඉදිකෙරුනු සම්බෝධි විහාර පාලම මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.

    දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයට දැඩි අවශ්‍යතාවයක්ව තිබූ මෙම පාලම සඳහා රුපියල් ලක්ෂ හැට දෙකක මුදලක් වැයකොට ඇති අතර පාලමෙන්  එගොඩව ගම්මානවලට යන මාර්ගය සංවර්ධනය කිරීම සඳහාද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කෙරිණි.

     

    පල්ලේවෙල, ඉලුක්පැලැස්ස, අඹගොල්ලපතන, මිනිගල්පතන, දික්වැල්ල වත්ත වැනි ප්‍රදේශ රැසක ජනතාවට මෙන්ම පල්ලේවෙල, හාලිඇල, බදුල්ල, කන්දේගෙදර වැනි ප්‍රදේශ රැසක පාසල්වලට යන ළමුන්, කීරියගොල්ල ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට යන ජනතාව හා එම විහාරස්ථ දහම් පාසලට යන දරු දැරියන් ඇතුළු විශාල පිරිසකට මෙමඟින් සෙත සැලසේ.මෙම අවස්ථාවන්ට කීරියගොල්ල ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති පූජ්‍ය කන්දේගම ධම්මරතන හිමියන් ප්‍රමුඛව හාලිඇල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් සේනානායක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya