අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවර අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවලින් එය රටට පෙන්වා දුන් බවයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (31) මොණරාගල, බුත්තල ප්‍රදේශයේ ඉදිකළ මෙරට විශාලතම, නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත, ධාන්‍ය ගබඩා සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
රටේ ශ්‍රම බලකායෙන් සියයට විසිපහක දායකත්වයක් කෘෂිකර්මාන්තය ලබා දෙන බවත් ඒ නිසා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට ඊට ප්‍රමුඛතාවය ලබාදීම අපගේ වගකීමක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනතාවගේ බදු මුදලින් උපරිම සේවයක් ජනතාවට උදාකරදීම රජයේ අරමුණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා රුපියල් 100 ක බද්දක් ගෙන, රුපියල් 1000 ක් ජනතාව වෙනුවෙන් වැයකිරීමට, රජයට සිදුවී තිබෙන බව ද සඳහන් කළේය.
පසුගිය වසරේ වාර්තාගත වී අස්වැන්නක් ලැබුණ අතර ඊට වඩා වැඩි අස්වැන්නක් අපි මෙවර අපේක්ෂා කරන බවත් මෙම අතිරික්ත වී අස්වැන්න සහල් බවට පත්කරල, සමෘද්ධිලාභීන්ට බෙදාහැරීමට රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමෘද්ධිලාභීන් වෙනුවෙන් මාසයකට ටොන් 10,000 ක් පමණ බෙදා දීම සිදු වේ. රාජ්‍ය දෙපාර්තමේන්තු හා රෝහල් සඳහා මාසයකට ටොන් 05 ක් පමණ අලෙවි කෙරේ. මේ අනුව වසරකට ටොන් ලක්ෂ 02 ක පමණ අතිරික්ත සහල් ප්‍රමාණයක් අඩුකර ගැනීමට හැකි වේ.
එසේම වී අතිරික්ක ඉන්දුනීසියාව, ගානාව සහ නයිජීරියාව වැනි රටවලට සහල් අපනයනය කරන්න දැනටමත් සැලසුම් සකස් වී අවසන් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සහල් අතිරික්තයක් තිබෙන නිසා ආනයනික සහල් සඳහා දැනට පවතින බද්ධ ඉහළ දැමීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසීය.
ඒ අනුව ආනයනික සහල් සඳහා කිලෝවට පනවා තිබෙන රුපියල් 35ක බද්ද රුපියල් 50 දක්වා ඉහළ දමා තිබෙන අතර මේ තීරණය දේශීය වී ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගෙන තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ සහල් සඳහා පමණක් රුපියල් කෝටි 8400 ක් සහනාධාර වශයෙන් ලබාදීල තියෙන බවත් වී වගාවට අමතරව වෙනත් වගාවන් කෙරෙහිද අවධානය යොමු වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ග්‍රාරාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm