නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අාපදාවන්ට පෙර නිලධාරීන් දැනුවත් කිරීමක්

    ජනවාරි 30, 2016

    ගංවතුර,නාය යෑම් වැනි ස්වභාවික ආපදාවන් සහ මිනිසා විසින් ඇති කරන අවභාවිතයන් නිසා ඇති වන ආපදාවන්වලදි මහජනතාවගේ හැසිරිම හා සුදානම කෙසේද යන්නත් ඒ සඳහා නිලධාරීන්ගේ සුදානම,වගකිම හා වගවිම පිළිබඳ මනා සම්බන්ධීකරණයක් තුළින් ආපදාවන් අවම කිරිමට හැකි වන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පලකලේ,රත්නපුර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය මගින් සංවිධානය කරන ලද ආපදාවකට පෙර සූදානම පිළිබඳ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවකදීය.

    තවදුරටත් කතාකල දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ආපදාවකට ලක්විය හැකි ප්‍රජාවගේ හැසිරිම,පූර්ව දැනුම් දීම ඒ අවස්ථාවේ පවත්නා සම්බන්ධිකරණය ප්‍රමාණවත්ද,ආපදාවක් ඇති වන ස්ථාන හා දේපල හානි සැලසුම් කරන ක්‍රමවේදය කෙසේද යන්න පිළිබඳව මනා සම්බන්ධිකරණයක අවශ්‍යතාවය අත්‍යාවශ්‍යවන බව ප්‍රකාශ කලේය.

    රත්නපුර ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ පි.එම්.එම්.බණ්ඩාර - ආපදා පූර්ව සුදානම් වැඩ සටහන රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික් 7 ක පසුගියදා  ක්‍රියාත්මක කරන ලදී

    ආපදාවකදී ඇති වන හානිය අවම කර ගැනිම සඳහා මනා සැලසුම්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා.ඒ සඳහා අනුකමිටු 5 ක් තුල ක්‍රියා කාරීත්වය සිදුවන බව පැවසීය.

    මෙම අවස්ථාවට ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි,අධ්‍යාපන හා පුහුණු වැඩ සටහන් සහකාර අධ්‍යක්ෂ සාරංගී දිසානායක,ශ්‍රි ලංකා ගුවන් හමුඳාවේ රොහාන් දිසානායක,අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම යන මහත්ම මහත්මීන්ද සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්,සමාජ සේවා නිලධාරීන් ආපදා සහන නිලධාරින්,ශ්‍රි ලංකා යුධ හමුඳාව,පොලීසිය,රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් සහභාගි වී සිටියහ.

    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya