රත්නපුර දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථානය පෙබරවාරි මස 01 වන දින පෙ.ව. 9.30 ට කම්කරු හා වෘත්තීය සමීති සබඳතා අමාත්‍යය ඩබ්ලිවි.ඩි.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදි කම්කරු හා වෘත්තීය සමීති සබඳතා රාජ්‍ය අමාත්‍යය රවීන්ද්‍ර සමරවීර මහතාගේ සහ කම්කරු හා වෘත්තීය සමීති සබඳතා අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කිරිම සිදුකරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි.
කම්කරු හා වෘත්තීය සමීති සබඳතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජි.ජි.ජේ.ධර්මසේන මහතාගේ මෙහෙයවීම යටතේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දිම,පුහුණුවීම් වලට යොමු කිරිම හා රැකියාගත කිරිම මහජන රැකියා සේවා මධ්‍යස්ථානය මගින් කෙරෙන කාර්්‍යයන් අතර වන බවද දිස්ත්‍රික් රැකියා සේවා මධ්‍යස්තානයේ මානව සම්පත් නිලධාරීන් පැවසීය.
AP/DMU-Ratnapura