ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කර සිටියේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
‘‘ඉදිරියේ දී කර්මාන්ත පුරයක් කෑගල්ල දිස්ත්‍රික්කයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ සදහා අක්කර 150 ක පමණ ඉඩමක් අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා පැවසී්‍ය.
අද රටේ ඉහළ අධ්‍යාපනයක් ලැබු අය ඉන්නවා. ඒ අය කැමති නෑ පුද්ගලික අංශයේ රැකියා සදහා.ඒ සදහා ඔවුන් බලෙන් යොමු කිරීමටත් රජයක් විධියට උත්සහා කරන්නේ නෑ. ඒ වෙනුවට තාක්ෂණය සමග බද්ධ වූ රැකියා ඇති කිරීමට කටයුතු කරනවා. රාජ්‍යය අංශයට අද වැඩි පිරිසක් යොමු වන්නේ විශ්‍රාම වැටුප නිසයි. අපි ඉදිරියේ දී පුද්ගලික අංශයටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරනවා.
“ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. පින්නවල සත්ව උද්‍යානය වැඩි දියුණු කිරීම සදහා මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙන්නේ. ඒ සදහා ඉදිරියේ දී සතුන් ගෙන ඒමට කටයුතු කරනවා. අලි අනාථාගාරයත් සංචාරක කලාපයක් විධියට වැඩි දියුණු කරනවා. කිතුල්ගල ප්‍රදේශයත් සංචාරක කලාපයක් බවට පත් කර සුලං බෝට්ටු ආශ්‍රිත ජීවත්වනන්ගේ තත්ත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. දැනට කැළණි ගගේ බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයෙන් ඊට බලපෑමක් නොවන බව විදුලිබල මණ්ඩලය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශය කල බවද අමාත්‍යවරයා පැවසීය.
“ මෙම වසර පහක කාලය තුළ ජාතික වශයෙන් රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට සින්නකකර ඔප්පු ,බලපත්‍ර ලක්ෂ 15 ක ලබාදීමට කටයුතු කරනවා. නිවාස ගැටළුවට විසදුම් ලබා දෙනවා. දැනට පහත වැටී ඇති දළ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කරනවා.
ග්‍රාම රාජ්‍යය සංකල්ප තුළ ග්‍රාම සේවා වසම් තුනක් හෝ හතරක් එකතු කර පොකුරු ගම්මාන හදා ගමේ කමිටුවලට සංවර්ධන කටයුතු බාර දෙනවා. ඒ හරහා ග්‍රාමීය ජනතාවෙග් ආරථිකය ඉහල නංවා ගත හැකි බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
AP/DMU-Kegalle