ඉන්කෝ 2016 කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය මාධ්‍ය වෙත හදුන්වා දීමේ නිල වෙබ් අඩවිය දියත් කිරීම හා ඉන්කෝ ටිකට් පත අලෙවිය ආරම්භ කිරීමේ උත්සවය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ සහභාගීත්වයෙන් හෙට (28) පස්වරු 3.00ට කොළඹ වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධාන මූලස්ථානයේ (OPA) දී පැවැත් වෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ඉන්කෝ 2016 කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය ලබන ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතය.