බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ.
බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හෙට රැස්වන්නේ වසර එක හමාරකට පසුව වීමත්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වී සහභාගී වන පළමු සංවර්ධන කමිටු රැස්වීම වීමත් මෙහි විශේෂත්වයන් වේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ක්‍රම සම්පාදන කාර්යාලය මෙම රැස්වීම සංවිධානය කරන අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ ලේකම්වරයා ලෙස සහභාගී වන පළමු සංවර්ධන කමිටු රැස්වීම මෙයයි.
AP/DMU-Badulla