නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් මෙහෙයුම් හා කෘෂිකර්ම කමිටු රැස් වේ

    ජනවාරි 14, 2016
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට (2016 – 2018) අදාළ වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වේ.
    මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති බුද්ධික පතිරණ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
     
    මෙහි දී අදහස් දැක් වූ බුද්ධික පතිරණ මහතා පැවසුයේ මාතර දිස්ත්‍රික්කයේ ආහාර නිෂ්පාදනයේ දී නිල්වලා ගඟ සහ මාතර වී ගොවිතැන හුදෙක් රුපියල් ශත පිළිබඳ ගණුදෙනුවක් නොවන බවත් පරිභෝජනයෙන් එහා ගිය වෙන් කළ නොහැකි ආත්මීය සම්බන්ධයක් ඒ හා පවතින බවයි.
     
    2016 වසරේ ආහාර නිෂ්පාදන ජාතික ඉලක්ක සපුරා ගැනීමේ දී පසුවිපරම ඉතාම වැදගත් වේ. මේ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා ගොවි සංවිධාන එක් වී මාස 10 න් පසුවිපරම් කටයුතු සිදු කිරීම වැදගත් වන බවත් මෙහි දී අවධාරණය කෙරිණි.
     
    සාම්ප්‍රදායික දැනුම, නව තාක්ෂණික සොයා ගැනීම් හා නිර්මාණශීලී අදහස් උපයෝගී කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නගා සිටුවා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බව ද පතිරන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
     
    2015 වර්ෂයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල ප්‍රගතිය, පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම් සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya