නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නායයාමෙන් අවතැන් වූවන්ට නිවාස

    ජනවාරි 12, 2016
    කොස්ලන්ද මීරියබැද්ද වත්ත නායයාමෙන් අවතැන්ව සිටින පිරිස් සඳහා නව නිවාස 75 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මේ වන විට නිවාස 48 ක ඉදිකිරීම් අවසන් වෙමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
    බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම මත මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ශ‍්‍රී ලංකා යුධ හමුදාව මඟින් සිදුකෙරෙන අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය හා අදාළ වතු පාලනාධිකාරිය ඇතුළු අංශ රැසක් මේ සඳහා සහයෝගය ලබාදෙයි.
     
     2014 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිදු වූ මෙම නායයෑමෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් කොස්ලන්ද පූනාගල වත්ත මකල්දෙණිය ප‍්‍රදේශයේ  ඉදිකෙරෙන මෙම නිවාස සංකීර්ණයේ අවසන් අදියරේ පවතින නිවාස 48 ක් මෙම ජනවාරි මාසය තුළදී අවසන් කළ හැකිවනු ඇති බවත් සෙසු නිවාස ඉදිකිරීම් අපේ‍්‍රල් මාසය වන විට අවසන් කළ හැකිවනු ඇති බවත් අදාළ නිළධාරීහු පවසති.
     
    මෙම නිවාස ඉදිකිරීමේ ප‍්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. අමලනාදන්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නෙවිල් පද්මසිරි, බදුල්ල අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් පසුගියදා එම ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නියළුණු අතර ඊට සමගාමීව මේ සම්බන්ධව ප‍්‍රගති සමාලෝචන රැස්වීමක් ද හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
     
    හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ වන අලි තර්ජනයද පවතින බැවින් මෙම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා වනජීවි අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම ප‍්‍රදේශය  වටා විදුලි වැටක්ද ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරුණු අතර මෙම නිවාස සංකීර්ණය ආශ‍්‍රිතව බහුකාර්ය ගොඩනැඟිල්ලක්, සායන මධ්‍යස්ථානයක්, සමුපකාර වෙළඳසැලක් ඇතුළු පොදු පහසුකම් රැසක්ද ස්ථාපිත කිරීමට නියමිතය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya