එම වැඩසටහන් මාලාවේ ප්‍රධාන ආගමික වැඩසටහන ඓතිහාසික මහනුවර ගෙඩිගේ රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව මහනුවර දිසිත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ගගවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් අද සවස 6.00 ට විශේෂ බෝධිපූජාමය පිංකමක් පැවැත්වීමට කටයතු යොදා තිබේ.
මෙම බෞද්ධාගමික වැඩසටහනට අමතරව හින්දු, කතෝලික සහ මුස්ලිම් යන ආගම් නියෝජනය වන පරිදි වැඩසටහන් තුනක්ද පැවැත්වීමට සංවිධානය කොට ඇත. හින්දු ආගමික වැඩසටහන එදින පෙ.ව.10.00 ට මහනුවර විනයාගර් හින්දු කෝවිලේදී පැවැත්වෙන අතර, කතෝලික ආගමික වැඩසටහන පැවැත්වෙන්නේ මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේය.
මුස්ලිම් ආගම නියෝජනය කරමින් අස්ගිරිය මීරක්කම් පල්ලියේදී පෙ.ව. 10.00 ට විශේෂ ආශිර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, රුක් රෝපන වැඩසටහන් කිහිපයක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මෙම ප්‍රධාන ආගමික වැඩසටහන් වලට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි තවත් ආගමික සහ පාරිසරික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය. එම ප්‍රාදේශීය වැඩසටහන් සංවිධානය කරන්නේ අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මූලිකත්වයෙනි.
AP/DMU-Kandy