මෙම වැඩ සටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රාදේශිය ලේකම් චිත්‍රා කෝට්ටවත්ත මහත්මියගේ සංවිධානත්වයෙන් සිදු කෙරේ.
මෙයට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 17 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.රත්නපුර සුමනසමන් විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වෙන අතර රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ජනාධිපති තුමාට,අගමැතිතුමා ප්‍රමුඛ රජයට සෙත්පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පැවැත්වේ.
මීට අමතරව ජනවාරි 07 වන දින රත්නපුර සමන් දේවාලයේදි රජයට සෙත්පතා දේව පූඡාවක්ද පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇත.
තවද රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹුල්දෙනියේදී හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඇඹිලිපිටිය කාවන්තිස්සපුර විද්‍යාලයේදි රුක් රෝපණ වැඩසටහනක් සිදු කෙරේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කර ගනිමින් ජනපති අතුලු රජයට සෙත්පතා ආගමික වැඩසටහන් පැවැත්විමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් සියලුම ප්‍රාදේශය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
AP/DMU-Ratnapura