රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් හා රත්නපුර ප්‍රාදේශිය ලේකම් චිත්‍රා කෝට්ටවත්ත මහත්මියගේ සංවිධානත්වයෙන් සිදු කෙරෙන මෙම වැඩ සටහන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 17 ම තුළ ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහනට සමගාමීව රත්නපුර සුමනසමන් විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම සහ ශීෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්, රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹුල්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ රුක් රෝපණ වැඩසටහනක් හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඇඹිලිපිටිය කාවන්තිස්සපුර විද්‍යාලයේදි පළතුරු පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ජනවාරි 07 වන දින රත්නපුර සමන් දේවාලයේදි රජයට සෙත්පතා දේව පූඡාවක්ද පැවැත්විමට කටයුතු සංවිධානය කොට ඇති අතර රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ජනාධිපති තුමාට, අගමැතිතුමා ප්රමුඛ රජයට සෙත්පතා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිතය.
රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ආගමික සිද්ධස්ථාන සම්බන්ධ කර ගනිමින් ජනපති අතුලු රජයට සෙත්පතා ආගමික වැඩසටහන් පැවැත්විමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් සියලුම ප්රාදේශය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ය.