ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගිය දෙවැනිදා කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
යටිතල පහසුකම් සංවර්ධනය අතර මාර්ග සංවර්ධනය ඉතාම වැදගත් අංශයක්. ඒ වගේම රටේ ජනතාවගේ ජීවිත ගොඩ නගන්න අපට වගකීමක් පවතී. ඒ දේට තමයි මේ අපි වෙහෙසෙන්නේ. අපි දිස්ත්‍රික්කයේ සංවර්ධනය, රටේ සංවර්ධනය සඳහා යමක් කළා කියලා සතුටු වෙන්නයි මේ කැපකිරීම් සිදුකරන්නේ, යැයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත I Road ව්‍යාපෘතිය යටතේ මාර්ග දෙකක සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙහිදී අමාත්‍යවරයා විසින් මුල්ගල් තබන ලදී. ඒ අනුව වසර දෙකක කාලසීමාවක් තුළදී දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලිබොඩ - මාගල මාර්ගයේ සහ දැරනියගල රෝහල අසල සිට දික්වැල්ල - දිගන මාර්ගයේ සංවර්ධන කටයුතු මේ යටතේ සිදුකරීමට නියමිතය.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම්, අධිකරණ හා බුද්ධශාසන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී රංජිත් පොල්ගම්පල, පාර්ලිමේන්තු මන්ත්රීනී තුසිතා විජේමාන්න, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා ඇතුළු ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.