මාතර දිස්ත්රික්කයේ සියලු ම සංවර්ධන කටයුතු පිළිබඳව ලිඛිත සාක්ෂි සහිතව වාර්තා තබාගත යුතු අතර ඵලදායිතා සංකල්ප අනුව කාර්යාලීය කටයුතු සැලසුම් කරගත යුතු බව ද මෙහි දී අවධාරණය කෙරිණි. මහජනතාව වෙනුවෙන් සිදු කෙරෙන සේවාව නිසි කලට වේලාවට උපරිමයෙන් සිදු විය යුතු බවත් ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ප්රත්පත්ති වලට ගැලපෙන අයුරින් තම රාජකාරි ඉටු කළයුතු බවත් මෙහි දී තවදුරටත් අවධාරණය කෙරිණි.
මාතර දිස්ත්රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ සංකල්පයක් අනුව මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලද අතර මේ අවස්ථාවට මාතර සහකාර දිස්ත්රික් ලේකම් සුභාෂ් නානායක්කාර මහතා ද සහභාගි විය.
AP/DMU-Matara