ඒ අනුව ජනවාරි මස 08 වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ. ජනවාරි 8 වන දින සවස 6.30 ට පහන් දහසකින් යුත් පහන් පුජාවක් පවත්වා , ඉන් අනතුරව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය පැවැත්වේ. පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවකි.
හිංදු ආගමික වැඩසටහන අටවනදා පෙරවරු 07.00 ට අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දීත් , කතෝලික ආගමික වතාවත් එදින පෙරවරු 8.00 ට අනුරාධපුර මෛත්‍රී ක්‍රිස්තු දේවස්ථානයේදීත් පැවැත්වේ. ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වෙන්නේ ජනවාරි අටවනදා ප.ව. 3.30 ට අනුරාධපුර ජුම්මා පල්ලීයේ දි ය.
පරිසර වැඩසටහන් අරඹමින් පැළ සිටුවිමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර “පොලිතින් භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය ,, මැයෙන් දේශනයක් ද එදින පෙරවරු 10 ට පැවැත්වේ. තලාව පොලිස්ථානයේ සංවිධානයෙන් තලාව මොරගොඩ ප්‍රදේශයේ ජීව අලි වැට සකස් කිරිම ද මෙදින සිදු කෙරේ.
මීට සමගාමීව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යලයන් හි දී ආගමික හා පාරිසරික වැඩසටහන් සංවිධානය කර ඇත. එලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මුළු සර්ව ආගමික වැඩසටහන් සංඛ්‍යාව 357 කි. පාරිසරික වැඩසටහන් 219 ක් පැවැත්වේ.
AP/DMU-Anuradhapura