ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක වන යුගයක රාජ්‍ය සේවකයින් හැටියට ඔබටත් මටත් මේ රට දියුණු කිරිමේ වැඩපිළිවෙලට දායකත්වයක් ලබා දීමට අවස්ථාව එළඹ ඇති බවද පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා රට තුළ අලුත් ආර්ථීකයක් හා දේශපාලන රටාවක් ගොඩ නැගෙමින් තිබෙන බවද පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2016 වැඩ වසර රාජකාරි ආරම්භ කරමින් සිය කාර්ය මණ්ඩලය අමතමිනි.
රජයේ සේවකයාගේ කාර්ය භාරය අතර ප්‍රධාන වන්නේ පාලකයින්ට තින්දු තිරණ ගැනිමේදී නිවැරදි දත්ත තොරතුරු සම්පාදනය කිරීම,තොරතුරුවලට අනුව ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේ වගකිම රාජ්‍ය සේවකයාට පැවරෙන බවද ඒවායේ පසු විපරම් සේවයේ යෙදීමද ඔවුන්ගේ කාර්යක් වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මෙහිදි දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ මගින් ප්‍රකාශයට පත් කළ මාතලේ ප්‍රත්‍යාවලෝකනය 2016 වාර්ෂික ජායාරූප ඇල්බමය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පිළි ගැන්වුණු අතර ආපදා කලමණාකරණ දිස්ත්‍රික් මධ්‍යස්ථානය මගින් ඉකුත් වසරේ සංවිධානය කළ අවදානම් කළමනාකරණ සහ පෞරුෂ වර්ධන ක්ෂේත්‍ර වැඩසටහනට අදාල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් සකස් කළ අවදානමට පෙර සුදානම වාර්තා චිත්‍රපටයද ප්‍රදර්ශනය කළේය.
AP/DMU-Matale