දිවි නැගුමෙන් ශක්තිමත් වූ දිරිය මිනිසුන්ගේ නිපැයුම් ලොවට හඳුන්වාදීම උදෙසා පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයේදී රෙදි පිළි, අත්කම් නිර්මාණ, දේශීය ආහාර පාන, පාවහන් සහ නිවසට අවශ්‍ය සියලුම භාණ්ඩ මිලදී ගැනීමට හැක.
අලෙවි ප්‍රදර්ශනයේ සාර්ථක ම දිවි නැගුම ව්‍යවසායකයින් ඇගයීම, සමාජ සවිබල ගැන්වීම සහ සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව. 9.30 ට ප්‍රදර්ශන භූමියේ දී සිදු කෙරේ.
මේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්රමුඛ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ දිවි නැගුම ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
මාතර දිස්ත්‍රික් දිවි නැගුම අධ්යක්ෂ සිරිල් කේ. ලියනගේ මහතාගේ උපදේශකත්වය යටතේ දිස්ත්‍රික් දිවි නැගුම කාර්යාලය මෙය සංවිධානය කර ඇත.
AP/DMU-Matara