රත්නපුර දිස්ත්‍රික්කයේ දිවිනැගුම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් මෙම ප්‍රදර්ශනය දෙසැ. 29 වන දින දක්වා පැවැත්වේ.
මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ.සෙනෙවිරත්න , විදේශ රැකියා ඇමතිණි තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළුව රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.
2013,2014,2015 වසරවල ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනයේ දිවිනැගුම සංවර්ධන නිලධාරීන්,දිවිනැගුම බැංකු නිලධාරීන් හා ප්රඡාමූල සංවිධානවල වැඩිම අලුත් අවුරුදු ගනු දෙනු ප්‍රමාණයක් කල නිලධාරීන් හා බැංකු සංගම් ඇගයිමටද ලක් කිරීමද මෙදින සිදු කෙරේ.
රත්නපුර හා ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ ප්‍රතිලාභීන් 60 ක් සඳහා ජිවනෝපාය භාණ්ඩ බෙදා දීම හා රත්නපුර දිස්ත්‍රික් දිවිනැගුම කාර්යාලයේ සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ පෞද්ගලික පරිත්‍යාගයෙන් අවුරුදු 2 ක් සඳහා සිසු දරු දැරියන් 17 දෙනෙකුට සිසු දිරිය ශිෂ්‍යත්ව ප්රදානය කිරිමද මෙහිදී සිදු කෙරෙන බව රත්නපුර දිස්ත්‍රික් දිවිනැගුම අධ්යක්ෂ සුසන්ත හේරත් මහතා පවසයි.
AP/DMU-Ratnapura