නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඉදිකිරීම් සම්මාන පිරිනැමේ

    දෙසැම්බර් 24, 2015

    ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    ජනාධිපතිතුමා අතින් සිවිල් ඉංජිනේරු, හරිත විශිෂ්ටතා, ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සම්මාන ලබාදීම ද මෙහිදී සිදුවිය.

    උත්සව සභාව අමතමින් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ප‍්‍රමුඛ නව රජය යටතේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ස්වර්ණම යුගයක් ඇති කරන බවත් එය වචනයට පමණක් සීමා නොවී ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන බවත් සඳහන් කර සිටියේය.

    ජාතික ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් කොන්ත‍්‍රාත්කරුවන් දිරිගැන්වීම උදෙසා මෙම සම්මාන උළෙල පැවැත්වූ අතර එහිදී එම අධිකාරියේ අධ්‍යක්ෂ එස්.අමරසේකර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ඉදිකිරීම් කර්මාන්ත සදහා භාවිතා කරනු ලබන වැලි වෙනුවට යොදා ගතහැකි විකල්ප ඇතුළත් වාර්තාවක් සහ වාර්ෂික වාර්තාවක් පිරිනමනු ලැබීය.

    නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, ජාතික ඉදිකිරීම් සංවර්ධන අධිකාරියේ සභාපති සී.එච්.ඞී තිසේරා ඇතුළු මහත්වරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya